FACULTY OF ENGINEERING UOP

Non rag students

හැමෝම මේ දවස් වල රැග් එක ගැන කතා වෙනවා. ඇත්තටම රැග් එක ඔය කියන තරමට දරුණුද කියන ප්‍රශ්නය ඔයාලට ඇති. හැමෝම ගොඩක් සතුටින් නායකත්ව පුහුණුවට සම්බන්ද උණානෙ. ඉතිං රැග් එක ඊට වඩා දරුණු වෙයි කියන්න ඇත්තටම හේතුවක් තියෙනවද?

 

පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ රැග් එක අතිශය අමානුශිකයි, දරුණුයි කියල අපිට සහතික වෙන්න පුළුවන්. හැබැයි අපි කියන පලියට ඒ දේ විශ්වාස කරන්න එපා. උසස් පෙල ඉහලින්ම සමත්වුනු විචක්ෂණශීලී ඔබ හැම දෙයක් ගැනම තර්කානුකූලව බලනව කියලයි අපි හිතන්නේ. ඉතිං මේ දේ ගැනත් පොඩ්ඩක් තර්කානුකූලව බලන්න අපි ආරාධනා කරනවා.

 

https://docs.google.com/viewer?a=v&pid=explorer&chrome=true&srcid=0Bzd_VV5tVgsbZjAzODg4OWYtZjlkOC00MzNlLWE0ODEtYzY1ZjA1YjUzZGY1&hl=en

 

මේ තියෙන්නේ 'සිසු විනය පිලිබද, නවකවදයට හා ප්‍රචන්ඩත්වයට එරෙහි ජාතික ප්‍රඥප්තිය'යි. මේක සකස් කරල තියෙන්නේ UGC එකෙන් සහ උපකුලපති වරුනගේ මණ්ඩලයෙන්. මේ ප්‍රඥප්තියේ පහත දැක්වෙන දේවල් තියෙනවා. කියවලා බලන්න.

 

"ADDRESS BY HON. ASOKA DE SILVA, CHIEF JUSTICE

It is a commonly known factor that the strategy used within universities to promote anti- intellectual and anti-democratic behavior is ragging. Gone are the days when ragging was used as a jolly good way of freshers and seniors coming to know each other where both parties enjoyed the fun.

 

අගවිනිසුරු ගරු අශෝක සිල්වා මහතාගේ දේශනය:

විශ්ව විද්යාල තුල බුද්ධිමය නොවන හා ප්රජාත්රාන්තවාදී නොවන ක්රියා ප්රවර්ධනය කිරීමට යොදා ගන්නා සාධකය නවකවදය බව ප්රසිද්ධ කාරණයක්. නවක සිසුන් හා ජ්යෙෂ්ඨ සිසුන් එකිනෙකා හදුනාගැනීමට නවකවදය භාවිතා කල වකවානුව ගෙවී ගොස් අවසන්ය."

 

 

"legislation in April 1998 quite aptly had this to say-. "Ragging has far too long been cruel, inhuman and degrading. Our society has been unable to deal with the root causes of ragging, and the anxieties, fears and frustrations of youth on

which ragging has fed and flourished."

 

1998 අප්රේල් මස ව්යවස්ථාදායකය ඉතා කාලෝචිතව මතු දැක්වෙන පාඨය කියන්නට යෙදුනි-. "නවකවදය දිගු කලක් මුළුල්ලේ ක්රෑර, අමානුශික හා නින්දාසහගත අයුරකින් ක්රියාත්මක විය.නවකවදයේ මූලබීජ සදහා පිලියම් යොදන්නට හා නවකවදයේ ප්රතිඵලයක් ලෙස තරුණ සිත් තුල ඇතිවූ  සිත්තැවුල්, භීතිකාවන් හා අසහනකාරී ස්වභාවයන්ට පිලියම් යොදන්න සමාජය අසමත්ව ඇත."

 

ක්‍රෑර, අමානුශික හා නින්දාසහගත; මේ දේවල් අපි කියන කතන්දර නෙවේ. මේ දේවල් කියන්නේ රටක ආරක්ෂාව, රටේ මිනිස්සුන්ගේ ආරක්ෂාව ගැන වගකියන ව්‍යාවස්ථාදියකයයි. රටේ නීතියෙන් නවකවදය සිසුන්ට හිංසාකාරී දෙයක් විදිහට නම්කරලා නවකවදයේ යෙදෙන්නන්ට නීතියෙන් දඩුවම් දෙන්න පුළුවන් පනත් පවා සකස් කරල තියෙනවා. ඒකට ප්‍රධානතම හේතුව එහි තියෙන භයානක කමයි. හිතන්න; නවකවදය කියන්නේ සුන්දර අත්දැකීමක් නම්, නවකවදයෙන් ඔබව බේරන්න රටේ තීනිය මෙච්චර වෙහෙසෙන්නේ ඇයි?

 

රැග් වෙච්ච කිසිම කෙනෙක් තමන් ලබපු හැම අත්දැකීමක්ම අනෙක් අය සමග බෙදා ගන්නෙ නෑ. ඒකට හේතුව එහෙම බෙදා ගන්න තියෙන ලැජ්ජාව. හැබැයි ඔයාලට රැග් වෙච්ච තමන්ගෙම අයියෙක් හරි අක්කෙක් හරි ඉන්නවනං, රැග් එකේ ඇත්තට වෙන්නෙ මොකක්ද කියලා එයාලගෙන් අහල බලන්න. ඒ විදිහට විවෘතව කතා කරොත් රැග් එකේ නියම යථාර්තය තේරුම් ගන්න සමහරවිට ඔයාලට පුළුවන් වේවි.

 

නවකවදයට ලක් කිරීම රටේ 'අපරාධ නීතිය' යටතේ දඩුවම් ලැබිය හැකි වරදක්. සමහර විට මේ ගැන ඔයාලට අවබෝධයක් නැතුව ඇති. රටේ නීතිය සිවිල් නීතිය, අපරාධ නීතිය කියල කොටස් දෙකකට බෙදෙනවා. ඉඩම් නඩු වගේ දේවල් වැටෙන්නේ සිවිල් නීතිය යටතටයි. ස්ත්‍රී දූෂණ, මිනිමැරීම් වගේ භයානක අපරාධ වැටෙන්නේ අපරාධ නීතිය යටතටයි. ඔබේ අයියලා අක්කලා ඔබට ආදරයෙන් දායාද කරන්න යන නවකවදයත් දරුණු ගණයේ අපරාධයක් විදිහට නීතිය හදුන්වලා තියෙනවා කියලා ඔබට තේරෙනවා ඇති. ඒ ඇයි කියලා පොඩ්ඩක් හිතල බලන්න.

 

මේ දේවල් කියන්නේ අපි නෙවේ. ලෝකයම පිලිගත්ත රටේ වියතුන්. කාවද විශ්වාස කලයුත්තේ කියලා තීරණය කරන්න ඕනේ විචක්ෂණශීලී ඔබයි.