FACULTY OF ENGINEERING UOP

Non rag students

An overview

 campus එකේ වෑදගත් සම්ප්‍රදායන්ට ගරු කරන අපි එහි ගරුත්වය සහ සදචාරය ආරක්ශා කරන්නෙමු. ඒ සදහා ''වාත'' හෙවත් rag එකක් අවශය නෑති බව අප්‍ර ප්‍රයොගිකව උගත්තෙමු.

Gym  එකට pool එකට ground එකට library එකට යන්න?

ක්‍රීඩාවක් කරන්න? කණ්ඩායමට බැඳෙන්න?

වලේ නාට්‍යක් බලන්න?

Canteen එකෙන් කෑම කන්න?

 

ඔව්. රැග් වෙලත් ඔව කරන්න පුලුවන්. ඒත් ඉතින් රැග් නොවුනු එකෙකුත් ඔය අයිතීන් ඔය විදියටම බුක්ති විඳිනව දකිද්දි රැග් වෙච්ච එකෙක්ට තමන් කාපු ඒ අමු  කට්ට ගැන පස්සෙ දුක හිතෙයි ද මන්ද.

ගොන් පර්ට් රැසකට මුහුණ දීලත් ඔය දේවල් කරන්න පුලුවන් තමා.

ඒත් තමන්ගෙ විශ්වවිද්‍යාලයේ දේවල් පාවිච්චි කරන්න ඇයි එක එක්කෙනාට බයේ මේ බොරු දේවල් කරන්නේ?

 ඔය කිසි ගොන් පාර්ට් 1ක් නැතුව ඔය ඕන දෙයක් කරන්න පුලුවන්...

 

පි වගකීමෙන් කියන්නෙ රෑග් නොවී ඔය කියන සියලුම දේවල් කරන්ඩ පුලුවන්. ඒකට සාක්ශි විදිහට අපි මෙහි photos upload කරල තියනව. ඕනම කෙනෙක් ට බලන්ඩ පුලුවන් ඈත්ත මොකද්ද කීයල



Sports & non-raggers

2005-2011 කාලවකවානුව තුල අප කණ්ඩායමේ සාමාජික සාමාජිකාවන්(E-fac Non-raggers) දක්වන ලද සුවිශේෂ ක්රීඩා කුසලතා

නායකත්වයන්

  1. චතුර විතානගේ -  හොකී කණ්ඩායම් නායක (2005/06)
  2. ධම්මික ප්‍රසාද් - චෙස් කණ්ඩායම් නායක (2005/06)
  3. චතුර විතානගේ - රග්බි කණ්ඩායම් නායක (2005/06)
  4. ආමන්ත මාරසිංහ - චෙස් කණ්ඩායම් නායක (2005/06)
  5. ඩිලන්ත මද්දුමපටබැඳි - රග්බි කණ්ඩායම් නායක (2005/06)
  6. විපුල වාසල - රග්බි කණ්ඩායම් නායක (2006/07)
  7. අමල් රණතුංග - රග්බි උප නායක (2006/07)
  8. S.A. ලේකම්ගේ - ටයිකොන්ඩෝ කණ්ඩායම් නායක (2006/07) 
  9. දිනුක කරුණාරත්න - පිහිනුම් කණ්ඩායම් නායක (2006/07)
  10. කාවිංග රණරාජා - ක්‍රිකට් කණ්ඩායම් නායක (2006/07)
  11. දයාන් ශ්‍රියානන්ද- බාස්කට්බෝල් කණ්ඩායම් නායක (2006/07)
  12. චානක අරුණ මුණසිංහ - චෙස් උප නායක (2006/07)
  13. සේනක බුත්පිටිය - රග්බි කණ්ඩායම් නායක (2007/08)
  14. රුවන්ගි ඉලේපෙරුම - බැඩ්මින්ටන් කණ්ඩායම් නායිකා (2007/08)
  15. මුදිත අබේසේකර - බැඩ්මින්ටන් කණ්ඩායම් නායක (2008/09)
  16. බුද්ධික ප්‍රේමරත්න - චෙස් කණ්ඩායම් නායක (2008/09)
  17. අනුපමා කෝනාර - චෙස් කණ්ඩායම් නායිකා (2008/09)
  18. උභය හිග්ගොඩ - මේසපන්දු කණ්ඩායම් නායක (2008/09)
  19. රුස්ලාන් ශාන්ත් අමරසිංහ - බැඩ්මින්ටන් උප නායක (2008/09)
  20. දිලුම් සමරසිංහ - ටයිකොන්ඩෝ කණ්ඩායම් නායක (2009/10)
  21. යොෂාණි මිදිපොලවත්ත - බැඩ්මින්ටන් උප නායිකා (2009/10)
  22. හංසනී වීරතුංග - පිහිනුම් කණ්ඩායම් නායිකා (2010/2011)
  23. කිත්මිණි කෙහෙල්පන්නල - මළල ක්‍රීඩා කණ්ඩායම් උපනායිකා (2011/2012)

 

විශේෂ දක්ෂතා

  1. චතුර විතානගේ - පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා මණ්ඩලයේ ලේකම් (2005) සභාපති (2006) 
  2. ඩිලන්ත මද්දුමපටබැඳි - Best Overall Sportsman of 2005 (Rugby, Wrestling, Weightlifting colors)
  3. චතුර විතානගේ - Best Overall Sportsman of 2006
  4. අනුපමා කෝනාර - Best Overall Sportswoman of 2006

 

 

 

මෙතන ඇතුලත් වෙන්නෙ ක්‍රීඩා කණ්ඩායම් වල නායක-උප නායකත්වයන්ට පත්වෙච්ච අපේ ෆැකල්ටියේ කට්ටියගේ  (NON-raggers) නාමලේඛනයක් විතරයි. අපේ ෆැකල්ටි එකෙත් අනෙක් ෆැකල්ටි වල ක්‍රීඩා කරන Non-raggersල ගොඩක් ඉන්නවා. Antirag වුනාම sport කරන්න බැහැ කියලා සාවද්‍ය මතයක් තියෙනවා. ඉතිං අපිට අහන්න තියෙන්නෙ sport කරන්න බැරිනම් මේ අය කණ්ඩායම් වල නායක-උප නායක තනතුරු වලට පත්වුනේ කොහොමද කියලයි?. ඒත් එක්කම අළුතෙන් එන්න ඉන්න ඔයාලගෙන් අපි ඉල්ලනවා කැම්පස් ආවහම පුලුවන් තරම් ක්‍රීඩා කටයුතු, සමාජ සේවා කටයුතු, විෂය සමගාමී ක්‍රියාකාරකම් වලට සහභාගී වෙන්න කියලා. පේරාදෙණියෙ ඒ හැමදේටම සෑහෙන්න පහසුකම් තියෙනවා. ඒ හින්දයි පේරාදෙණිය මොරටුවට වඩා සුවිශේෂී ස්ථානයක් වෙන්නෙත්. ඒ හැමදේම කරොත් තමයි කැම්පස් ජීවිතේ උපරිම තෘප්තියක් ලබන්න පුළුවන් වෙන්නෙත්..